ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොළ, ඉඹුල්පේ, බළන්ගොඩ, ඕපනායක සහ කොළොන්න ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රදේශයට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට ප්‍රදේශය සඳහා පළමු මට්ටමේත් දොළුව සහ පස්බාගේ කෝරළේ සඳහා දෙවන මට්ටමේත් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශය සඳහාද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර ගංවතුර අවධානම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර මහතා මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/11/SUGEESHWARA-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content