ප්‍රදේශ කිහිපයකට හෙට (13) පෙරවරු 10 සිට අනිද්දා පෙරවරු 6 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කළ බවයි එම මණ්ඩලය පැවසුවේ.

ඒ අනුව ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්ද මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර සහ බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරුමාර්ගවල ජලසැපයුම අත්හිටුවනු ඇති.

WhatsApp Group

Skip to content