උතුර සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලත්, ඌව සහ උතුරුමැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සඳහන්.

කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content