ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතවින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බවත් ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ හේතුවෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් සියයක පමණ තද වැසි ද ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

දිවයිනේ සෙස පළාත්වල පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමිටර් 75 ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

WhatsApp Group

Skip to content