ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, සහ නාගොඩ ප්‍රදේශවලට , කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය , වලල්ලාවිට සහ මතුගම ප්‍රදේශවලට මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ

පිටබැද්දර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ  කුරුවිට යන ප්‍රදේශ සදහා එන රතු නිවේදන බලපැවැත්වෙනු ඇති.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසිනුයි මෙම රතු නිවේදන නිකුත් කර ඇත්තේ.

මේ අතර අද දිනය තුළ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ තවදුරටත් තද වැසි ඇදහැලුණහොත් නිල්වලා ගග දෙපස විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

මේ පිළිබද එම ගග දෙපස ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී. සී සුගීෂ්වර මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/SUGEESHWARA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content