රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට තිරණය කර ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද පස්වරු 8.00 ට හෙට පෙරවරු 6.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

රත්තොට, කයිකාවල සහ වේරගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ .

WhatsApp Group

Skip to content