දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර 30 ත් -50 ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content