ශ්රි ලංකාවේ ප්රථම ස්ට්රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ගම්මාන හතරක් පදනම් කර ගනිමින් ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
රුපියල් මිලියන 20ක වියදමින් ගොවීන් 50ක් යොදා ගනිමින් ආරක්ෂිත ගෘහ 42ක් තුළ මෙම ස්ට්රොබෙරි වගාව ආරම්භ කර ඇත.
අපනයනය කළ හැකි සෑම පලතුරු හා එළවළු වගාවක් සඳහා ම ආදර්ශ ගම්මානයක් බැගින් පිහිටුවීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා විසින් දී ඇති උපදෙස් පරිදි මෙම ස්ට්රොබෙරි ආදර්ශ වගා ගම්මානය ස්ථාපිත කෙරිණි.
මෙම ස්ට්රොබෙරි වගාව සඳහා ඔස්ට්රේලියාවේ සිට මෙරටට ආනයනය කරන ලද ස්ට්රොබෙරි පැළ ගොවීන් අතර බෙදා දීමට පියවර ගත් අතර ඒ අනුව ආරක්ෂිත ගෘහ තුළ පැළ රෝපණ කටයුතු මේ වනවිට මුළුමනින්ම අවසන් කර ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්. එල්. අබේරත්න මහතා පැවසීය.
නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය විසින් ක්රියාත්මක කර ඇති වැඩපිළිවෙළ යටතේ සියයට 25ක සහන පදනමක් යටතේ මෙම ආරක්ෂිත ගෘහ ලබා දීමේ වැඩපිළිවෙළ ක්රියාත්මක කර තිබේ.
ඒ සඳහා මෙම වසර තුළ රුපියල් මිලියන 320ක මුදලක් රජය මගින්
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත.

WhatsApp Group

Skip to content