“ප්‍රති-ක්ෂුද්‍ර ජිවී ප්‍රතිරෝධ සමඟ සටන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්ම” සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත භාර දීම අද දින (02) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත මෙම ජාතික උපායමාර්ගික සැලැස්ම භාර දෙන ලදී.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් කලමණාකරණය කරනු ලබන ෆ්ලේමින් අරමුදලේ සහය ලබා ගෙන ක්ෂුද්‍ර ජීවි ප්‍රතිරෝධය සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා කැබිනට් අනුමැතිය ලබා ගෙන අවශ්‍යය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කලේය.

WhatsApp Group

Skip to content