ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම තීරණයක් සමග වාණිජ බැංකුවල ණය පොලී අනුපාත ඇතුළු වෙළදපොල පොලී අනුපාත පහළ යනු ඇති බව මහ බැංකුව අපේක්ෂා කරයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12ක් දක්වා පදනම් අංක 200කින් අඩු වනු ඇති.

එමෙන්ම මේ දක්වා පොලි අනුපාතිකය පහළ දැමීමේ වාසිය වාණිජ බැංකු සහ මුල්‍ය අංශ විසින් මහජනතාව වෙත ලබාදීම ප්‍රමාණවත්ව සිදුනොවී මන්දගාමිව සිදුවන්නේ නම් මුදල් මණ්ඩලය විසින් සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.

 

WhatsApp Group

Skip to content