වෘත්තීය සමිති මර්ධනය කිරීමට රජය විසින් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන එන පනතක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

ඔහු පැවසුවේ මේ සමබන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පවත්වන බවයි .

කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී රවී කුමුදේශ් මහතා මේ බව ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2023/04/RAVI-KUMUDESH-EDIT-.mp3?_=1

එමෙන්ම අද දිනයේ සමස්ත වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඉදිරි වැඩපිළිවෙළ තීරණය කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසනවා.

https://www.vnews.lk/storage/2023/04/CHARUDATHTHA-EDIT-.mp3?_=2

මේ අතර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා සදහන් කළා.

ඔහු පැවසුවේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි .

WhatsApp Group

Skip to content