පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත කෙටුම්පත සම්බන්ධයෙන් අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා මෙම රැස්වීම පැවැත්වෙන බවයි.

මේ අතර ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් වැළැක්වීම සදහා විධිවිධාන ඇතුළත් නව ප්‍රතිත්‍රස්ත පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ බොහෝ සංවිධාන විරෝධය එල්ල කරමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/04/S.-B-DISSANAYAKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content