කොළඹ ජාතික රෝහලෙහි ප්‍රතිජීවක එන්නතක් ලබා දීමෙන් අනතුරුව මිය ගියා යැයි පැවසෙන පුද්ගලයාගේ රුධිර සාම්පල සහ ශරීර කොටස් විදෙස් රටකට යවා පරීක්ෂණ කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දීම සිදු කර ඇති බව සඳහන්.

එම අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතු`ඵ පිරිසක් එක්ව තිබෙනවා.

වයස අවුරුදු 50 ක් වන අදාළ රෝගීයා කැපුම් තුවාල සහිතව වරකාපොල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත්තේ.

එහිදි අදාළ ප්‍රතිජීවක එන්නත ලබාදීමෙන් අනතුරුව ඔහු මිය යාමෙන් පසුව සෑම රෝහලකම එම ප්‍රතිජීවක කාණ්ඩය ලබා දීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පල කළ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා.

https://www.vnews.lk/storage/2023/08/RAVI-KUMUDESH-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content