මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකුට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් අනතුරුව අසාත්මිකතාවයක් හටගෙන තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කලේ ඒ අනුව අදාළ ප්‍රතිජීවක ඖෂධය මේ වනවිටත් භාවිතයෙන් ඉවත් කර ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද ඊයේ මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම පේරාදෙණිය රෝහලේදී මෙම ඖෂධය ලබාදීමෙන් අනතුරුව මියගිය බවට චෝදනා එල්ලවන සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුව ඊයේ එම රෝහලට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක්ද ආරම්භ කරනු ලැබුවා.

එමෙන්ම මහනුවර රෝහලේ අසාත්මිකතාවය ඇති වූ රෝගීන් දෙදෙනාට ප්‍රතිකාර ලබා දෙන අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

 

WhatsApp Group

Skip to content