ශ්‍රී ලංකාවේ ළමයින් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම වෙනුවෙන් රු. කෝටි 17ක මුදලක් පරිත්‍යාග කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබෙනවා.

යුනිසෙෆ් සංවිධානය හරහා මේ මුදල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතයි.

මෙමගින් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට අවශ්‍ය පෝෂණ සේවා සැපයීමට හැකියාව ලැබේනු ඇති .

මන්දපෝෂණය සඳහා වහා ප්‍රතිකාර නොකළ හොත් එය දරුවාගේ ශාරීරික හා සංජානන වර්ධනයට හානි කළහැකි හෝ මරණයට පවා හේතුකාරක විය හැකි බව යි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ .

විශේෂයෙන්ම දරුවාගේ ජීවිතයේ පළමු වසර දෙක තුළදීත් බොහෝ විට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට ඇති අවස්ථාවන්ටත් එය අහිතකර ලෙස බලපාන බවද එම සංවිධානය ප්‍රකාශ කළා .

WhatsApp Group

Skip to content