ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන්, Dang Khoa BUI අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ප්‍රංශ නාවික උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් සමරු තිළිණයක් ප්‍රධානය කිරීමද සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ නාවික සහයක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ  ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ සමුද්‍රීය ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමාණ්ඩර් Jean-Baptiste TROUCHE ද සහභාගී විය.

WhatsApp Group

Skip to content