ප්‍රංශයේ විරෝධතා පාලනයට 45,000 කට අධික පොලිස් බල ඇණියක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එම විරෝධතාවයෙන් දහසකට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්.

එම අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර අවුරුදු 13ත් 18ත් අතර වයස්වල පසුවන්නන් බවයි විදෙස් වාර්තා පවසන්නේ .

රටපුරා බස් සහ සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා ද විරෝධතා හමුවේ නවතා දමා තිබෙනවා.විරෝධතාකරුවන් එරට තුවක්කු ගබඩාවක්ද කොල්ලකා ඇතැයි සඳහන් .

ප්‍රංශයේ මෙම විරෝධතා පාලනයට එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හදිසි සාකච්ඡවක් ද ඊයේ කැඳවා තිබෙනවා.

අණ නොතකා රිය ධාවනය කළ තරුණයෙකු, පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රංශයේ මෙම විරෝධතා ආරම්භ වුනා.

WhatsApp Group

Skip to content