විශ්‍රාම වැටුප් සංශෝධනවලට එරෙහිව ප්‍රංශයේ පැවැත්වෙන උද්ඝෝෂණවලදී විරෝධතාකරැවන් 457 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විරෝධතාකරැවන් සමග ඇති වු ගැටුම්වලදී එරට ආරක්ෂක අංශ සාමාජිකයින් 441 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශය ස්ථාන රැසක ගිනි තැබීම් සහ ප්‍රචන්ඩකාරී ක්‍රියාවන් සිදුව තිබෙනවා.

ප්‍රංශයේ බෝඩෝ නගරයේ නගර ශාලාවට ද විරෝධතාකරැවන් ගිනිතබා තිබුණා.

විශ්‍රාම යන වයස 64 දක්වා ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශය පුරා මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ.

WhatsApp Group

Skip to content