ඉකුත් වසරේ මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ ව මැතිවරණ කොමිසම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීම ආරම්භ කළේය.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය,  පැෆ්රල් සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

WhatsApp Group

Skip to content