පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

ඡන්ද විමසීමට අදාළ මුදල් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්වනු ඇති.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට කැදවා තිබෙනවා.

මැතිවරණ පැවැත්වීමට අදාළව මතුව ඇති ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා උත්සහදරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

එසේ නොමැතිවුවහොත් නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ද ඔහු සදහන් කළා.

WhatsApp Group

Skip to content