පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත්ව ඇති පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසූන්දර මහතා විසිනුයි මෙම පෙත්සම ගොනු තිබෙන්නේ.

මෙම පෙත්සම අද දිනයට පෙර සලකා බලන ලෙස විජේසුන්ර මහතාගේ නීතීඥයන් විසින් පසුගියදා මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලා සිටි අතර, පසුව එම මෝසම සලකා බැලීම අනවශ්‍ය බව නීතීඥයන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත්ව ඇති මෙම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content