ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය, මැතිවරණ කොමිසමට ඊයේ නියෝග කළේ, මෙම ඡන්ද විමසීම හැකි ඉක්මනින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි.

ඉකුත් වසරේ මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා.

පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවූ බවට තීන්දුවක් ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් අදාළ පෙත්සම ගොනුකර තිබුනා. ආදාල නඩු තීන්දුව සම්බන්දයෙන් තමන් සතුටට පත්වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කලේ.
වොයිස් – සමන් ශ්‍රී රත්නායක

WhatsApp Group

Skip to content