පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීමට එරෙහිව ගොනු කළ තිබූ පෙත්සම්වල තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙහි තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2023 වර්ෂයේ මාර්තු 09 වන දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content