පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් යෑමට සීමානීර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදු කර නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මහජන නියෝජිතයින් පත් කිරීමකින් තොරව පළාත් සභා නිලධාරි පාලනයක් යටතේ දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ප්‍රඡාතන්ත්‍රවාදයට මරු පහරක් බවටයි ඒ මහතා කියා සිටියේ.

එමෙන්ම එළඹෙන වසරේදී පැවැත්විය යුතු ජනාධිපතිවරණය ව්‍යවස්ථා සංශෝධනයකින් හැර වෙනත් කිසිදු ආකාරයකින් කල් දැමීමේ හැකියාවක් නොමැති බවයි මහින්ද දේශප්‍රිය මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ

WhatsApp Group

Skip to content