පළාත් පාලන ඡන්දය කල්දැමිම පිළිබද සභාව කල් තබන අවස්ථාවේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

දින 2ක් පුරා පැවැත්වෙන විවාදයේ අදාළ කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජනබලවේගය පක්ෂය විසින්.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ඉල්ලීමක් කළා.

ඒ අනුවයි දෙදින විවාදයක් ලබා දීමට කථා නායකවරයා විසින් තිරණය කරනු ලැබුවේ. මේ ඒ පිළිබදව අදහස් පළ කළ සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා.

https://www.vnews.lk/storage/2023/03/RANJITH-MADDUMABANDARA-EDIT-2.mp3?_=1

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා කියා සිටියේ ආර්ථික පරිහානියක් සිදු ව ඇති අවස්ථාවක වගකිවයුතු නායකයින් කිසිවෙකුත් රට භාර නොගත් බවයි.

එවැනි පසුබිමක් තුළ එය භාර ගනිමින් යළි යථා තත්වයට ගෙන ඒමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ කැප කිරීම ඇගයිමට ලක් කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/03/NIMAL-LANSA-EDIT.mp3?_=2

 

මැතිවරණයක් පැවැත් වූවහොත් ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට ජනතාව දක්වන කැමැත්ත පිළිබදව දැන ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද අද විවාදයට එක් වෙමින් සිය අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/03/DILAN-PARERA-EDIT.mp3?_=3

බොහෝ අවස්ථාවල මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබදව කතා කිරීම තුළින් ආණ්ඩු වෙනස් වීම් පවා සිදු වූ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද දින පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ විවාදයට එක්වෙමින් කියා සිටියා.

මේ හේතුවෙන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කිරීම පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමැතිවරුන්ගේ වගකීම වන බවද විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත් අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/03/WIJAYADASA-RAJAPAKSHA-EDIT.mp3?_=4

 

 

WhatsApp Group

Skip to content