පළාත් පාලන ආයතනවල ස්ථිර නොවු සේවකයින් ක්‍රමානුකුලව ස්ථිර සේවයින් බවට පත්කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මහරගම නගර සභාවේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

වර්තමානයේ රටේ ආර්ථික යාන්ත්‍රනය ක්‍රමවත් වෙමින් පවතින බවයි දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ.

ආර්ථික වශයෙන් යළි නැගී සිටිමට රටට හැකි බව ජාත්‍යන්තරය ද පිළිගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ.

ඒ සදහා ජාත්‍යන්තරයේ සහයද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් හිමිවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළා.

 

 

WhatsApp Group

Skip to content