පවතින වැසි සහිත කාලගුණ නිසා දිස්ත්‍රික්කය හතරකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රත්නපුරය, ගාල්ල,කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වෙත මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේනවා .

මෙම ප්‍රදේශ වල ජනතාව වැසි සහිත අවස්ථා වලදී දැඩි අවධානයකින් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ.

මේ පළාත් කිහිපයකට අද මිලිමීටර් 100 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර , සබරගමුව , දකුණ , මධ්‍යම සහ වයඹ පළාත්වල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

 

WhatsApp Group

Skip to content