දිවයිනේ පළාත් කිහිපයක අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසිවාර කිහිපයක් ආපේක්ෂා කරන බව කාලගුණ නිවේදනයේ සඳහන්.

ඌව පළාතේ සහ අම්පාර , මඩකලපුව දිස්ත්‍රික්වල ද රාත්‍රි කාලයේ දී වැසි අපේක්ෂා කරනු ඇති.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

 

WhatsApp Group

Skip to content