2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර පැවැත්වෙන පුහුණු තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරඟයෙන් නෙදර්ලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 20ක පරාජයක් අත්කර ගැනීමට සිදු වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 181ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 161ක් පමණයි.
පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි පුහුණු තරගය අයර්ලන්තයට එරෙහිව ලබව 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content