ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය පාකිස්ථානයට හිමිව තිබෙනවා.

ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අද පැවැත් වුණා.

ඊයේ සිව් වන දිනට තරගය නතර කරන විට පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය සදහා ලකුණු 83 ක් පිටුපසින් සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 312 ක් සහ දෙවන ඉනිම සදහා ලකුණු 279 ක් රැස් කළා.

පාකිස්ථානය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 461 ක් ලබා ගත් අතර ඔවුන්ට ශ්‍රී ලංකාව ලබා දුන් ඉලක්කය ලකුණු 131 ක් පමණයි.

ඊයේ දිනය නිමවන විට පාකිස්ථානය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටියා.

 

WhatsApp Group

Skip to content