ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර හෙට ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කරන එංගලන්ත සංචිතය ඊයේ පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව ආබාධයකට ලක්ව සිටින නිත්‍ය ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස්ගේ ස්ථානයට වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන මැතිව් පොට්ස් කැඳවා තිබෙනවා .

2022 වසරේදී නවසීලන්තයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් පොට්ස්, තරග 06කට ක්‍රීඩාකර කඩුලු 23ක් බිඳහෙළා සිටීනවා.

ආබාධයකට ලක්ව සිටින බෙන් ස්ටොක්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමිවන අතර, ඒ හේතුවෙන් එංගලන්ත වැඩබලන ටෙස්ට් නායකයා ලෙස ඔලී පෝප් කටයුතු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content