සංචාරක ඕස්ටේ‍රලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

වර්ෂාව හේතුවෙන් තෙවැනි දිනය සදහා වන තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සදහා කඩුළු දෙකක් දැවී ලකුණු 28ක් රැස්කගෙන සිටියා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සදහා කඩුළු 08ක් දැවී ලකුණු 393ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ‍රලියාව සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 386ක්.
ඒ අනුව මේ වන විට එංගලන්ත කණ්ඩායම ඕස්ටේ‍රලියානු පළමු ඉනිමට වඩා ලකුණු 35ක් ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content