දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනය තුළද තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම ඊට හේතු වී තිබෙනවා.

උතුරු , උතුරු මැද , මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට තද වැසි අපේක්ෂා කරනු ඇති.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

WhatsApp Group

Skip to content