අයහපත් කාලගුණය සමඟ මහනුවර – මහියංගනයේ රඹුක්කන ප්‍රදේශයේදී තාවකාලික පළතුරු වෙළෙඳසැලක් මතට පස් කණ්ඩියක් කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් කාන්තාවක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක කාන්තාවක් බවයි.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු වල නිරතව සිටි නිලධාරීන් පිරිසක් මතට ඉහලින් පිහිටි ගල්කුට්ටි කීපයක් හදිසියේ කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුර බණ්ඩාරවෙල සහ කිණිගම දුම්රිය ස්ථාන අතර දී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී තුවාල ලැබූ දුම්රිය නිලධාරීන් පස්දෙනෙකු බණ්ඩාරවෙල පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.

WhatsApp Group

Skip to content