දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීනවා.

මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශවල ජල ධාරිතාව ඉහල ගොස් තිබෙනවා . මේ හේතුවෙන් ජලාශවල පහල පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස් .පි .සී සුගීස්වර මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/11/SUGEESHWARA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content