පශු පාලනයේ දී භාවිතා කරන ඇතැම් ඖෂධ වර්ගවල මිල සීග්‍රයෙන් ඉහළයාම පාලනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පශු වෛද්‍යවරුන් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ සාකච්ඡාවක් පැවති අතර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතු`ඵ නිලධාරින් රැසක් එක්ව සිට ඇති බව සදහන්.

ඌරන්, එළුවන් හා කුකුළන් වැනි සතුන් පාලනයේ දී ඔවුන්ට බෝවන රෝග වළක්වා ගැනීම සඳහා ඖෂධ භාවිත කිරීම අනිවාර්ය වන අතර මේ වනවිට වෙළෙඳපළේ එම ඖෂධවල මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content