කුරණ , කටුනායක ප්‍රදේශයේ පවුලක් ඩුබායි වෙත රැකියා සදහා යොමු කරන බව පවසා රුපියල් ලක්ෂ 18 ක මුදලක් වංචනිකව  ලබා ගත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි තිදෙනකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් 07/03 දින උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ .
කුරණ , කටුනායක ප්‍රදේශයේ පදිංචි පවුලක් ඩුබායි හි රැකියා සදහා ගෙන්වා ගන්නා බව පවසා එරට රැකියාවක නිරත ශ්‍රී ලාංකික කාන්තාවක විසින් රුපියල් ලක්ෂ 18 ක මුදලක් ගාල්ල ප්‍රදේශයේ පදිංචි තම හිතවතියකගේ ගිණුමකට බැර කරවා  ගෙන තිබේ .
මෙසේ ඩුබායි හි රැකියාවේ නිරත කාන්තාව මෙම මුදල් තමා විසින් ලබා දෙන බවත් , ඒවා යොදා ගෙන ඔවුන්ගේ  නිවෙස සාදා ගන්නා ලෙසත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි තම හිතවතිය වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ .
මෙම ගණුදෙනුව පිළිබඳ සැක සිතූ කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවන් මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙත පැමිණිළි කර තිබේ .
  ඒ අනුව එම විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් ගාල්ල ප්‍රදේශයට ගොස් මෙම මුදල් තම ගිණුමට බැර කරවා ගත් යුවළ සහ මෙම පවුල ඩුබායි වෙත රැකියා සදහා ගෙන්වා ගන්නා බවට පොරොන්දු වූ , එරට රැකියාවේ නිරත කාන්තාව ද ගාල්ල ප්‍රදේශයට පැමිණ සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .

WhatsApp Group

Skip to content