අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මේ වනවිට ප්‍රදේශ රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අතුරින් කෑගල්ල, ගලිගමුව සහ අරණායක ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයත් සමග නායයෑමේ අවදානම් තත්ත්වය හේතුවෙන් කෑගල්ල සාන්ත ජෝසප් කනිෂ්ඨ බාලිකා විද්‍යාලය සහ සාන්ත මරියා දමිල මහා විද්‍යාලය අද දිනයේ වසා තබන බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරයා දැනුම්දී තිබෙනවා.

මේ අතර පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content