පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ඊට අදාළ කටයුතු සිදුකිරීමට බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

ඉන්දියාවේ චෙන්නායි සිට සෑම දිනකම මගීන් 60 දෙනෙකු රැගෙන එලායන්ස් සමාගමට අයත් ගුවන් යානයක් පලාලි ගුවන් තොටුපලට පැමිණෙනවා.

එමෙන්ම ඊට අමතරව රත්මලාන ගුවන් තොටුපළේ සිට සෑම සතියකම ඩී.පී ඒවේෂන් සමාගමට අයත් ගුවන් යානා 4ක් සහ සිනමන් එයාර් සමාගමට අයත් ගුවන් යානා 4ක් පලාලි ගුවන් තොටුපල දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content