මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පලාගිය සැකකරු සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ දී අත් විලංගු ගලවා සිර මැදිරියට ඇතුළු කිරීමට සූදානම් වූ විට මෙලෙස පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, පළා ගිය සැකකරු ඇතුළුව තවත් සැකකරුවන් තිදෙනකු භාරව සිට ඇති බව සදහන්.

 

WhatsApp Group

Skip to content