පරිභෝජනයට නුසුදුසු කෘමීන් සහිත සහල් තොගයක් වැලිපැන්න පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

වැලිපැන්න පොලිස් ස්ථානාධිපති චාමින්ද සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත වලගෙදර ප්‍රදේශයේදී කෘමීන් සහිත සහල් කිලෝ 600 කට ආසන්න ප්‍රමාණයක් ලොරි රථයක් සමඟ පොලිස් භාරයට ගැනීමට සමත්ව ඇති බව සඳහන් .

මෙම ලොරි රථයෙන් නිරන්තරයෙන් මතුගම වලගෙදර ප්‍රදේශයේ පිහිටි ගබඩාවකට මෙවැනි කෘමීන් සහිත සහල් ගෙනැවිත් ඔපදමන බවට ලද තොරතුරක් මත එම ගබඩාව ආසන්නයේදී ලොරි රථය පරීක්ෂා කිරීමේදී මෙම සහල් තොගය සොයා ගෙන තිබෙනවා .

මෙසේ ඔප දමන ලද සහල් පසුව වැලිපැන්න ,බේරුවල, අලුත්ගම, දර්ගා නගරය ආදී ප්‍රදේශවල පිහිටි ආපන ශාලාවලට අඩු මුදලට අලෙවි කරන බවට ද තොරතුරු වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන් .

පොලිස් භාරයට ගත් මෙම සහල් පිළිබඳව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගෙන්වා පරීක්ෂා කිරීමේදී එම සහල් පරිභෝජනයෙන් ඉවත් කරන ලද සහල් බවත් ඒ තුළ කෘමීන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබූ බවත් පොලීසිය පවසනවා .

 

WhatsApp Group

Skip to content