පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිමත් කරමින් කොළඹ වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා ද පහසුකම් සැලසෙන මූල්‍ය කලාපයක් ලෙස නිර්මාණය කිරීම තම අරමුණ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ ආරම්භ කෙරුණ 2024 ඩිජිඉකෝන් ගෝලීය ආයෝජන සමුළුව අමතමින්.

WhatsApp Group

Skip to content