තරුණයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පමුණුගම පොලිසියේ නිලධාරීන් තිදෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබු තරුණයින් දෙදෙනෙකු පහරදුන් බවට චෝදනා කරමින් පසුගියදා පමුණුගම පොලිසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණා.

රන්මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව එම පමුණුගම ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන්ට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදී ඇති බවටයි ගම්වාසින් චෝදනා කරන්නේ.

WhatsApp Group

Skip to content