පාර්ලිමේන්තුව අද සිට ලබන 6 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා .

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත අතර පෙරවරු 10.30 දක්වා වන කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන් කර ඇත්තේ .

ඉන් අනතුරුව පස්වරු 5.00 දක්වා වන කාලය තුල සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, සමථ මණ්ඩල පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා .

අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වෙනු ඇති .

 

WhatsApp Group

Skip to content