පකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ සිව් වන දිනයට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරන පකිස්ථාන කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 152 ක් ලබා සිටියා.

එංගලන්තය සිය පළමු ඉනිම සදහා කඩුලු 07 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 823 ක්.

එය ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් රැස් කළ 4 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා.

එමෙන්ම, මෙය සැලකෙන්නේ පකිස්ථානයට එරෙහිව ටෙස්ට් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

WhatsApp Group

Skip to content