පකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.විදෙස් මාධ්‍ය පැවසුවේ කුඩා ලොරි රථයක් ඉලක්ක කර දුරස්ථ පාලකයක ආධාරයෙන් බෝම්බය පුපුරවා හැර ඇති බවයි.
ප්‍රහාරයෙන් ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ප්‍රහාරයට ඉලක්ක වී ඇත්තේ බජාවුර් ප්‍රදේශයේ ආරක්ෂක මුරපොලකට වැලි රැගෙන යමින් සිටි පිරිසක් බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ පකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ චෙහ්කාන් ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සතියකට පසුවයි.

එම ප්‍රහාරයෙ පකිස්තාන ආරක්ෂක අංශ සාමාජිකයින් 22 දෙදෙනෙකු තුවාල ලබා තිබුණා.

WhatsApp Group

Skip to content