පකිස්තානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, අරාබි මුහුදු කලාපය තුළ හමා යමින් ඇති බිපාජෝයි සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන්.

එම සුළි කුණාටුවේ බලපෑම් මේ වනවිට බලෝකිස්තානයේ වෙරල සීමාව දක්වා එල්ල වී ඇති අතර ප්‍රභල සුළං ධාරා රට තුළට කඩා වැදෙනු ඇතැයි අපේක්ෂිතයි.
බිපාජෝයි සුළි කුණාටුව මේවනවිට කරච්චි නුවරට කිලෝමීටර් 380 ක් පමණ දුරින් වන මුහුදු සීමාවේ ස්ථානගතව පවතින බව ද එරට කාලගුණ අංශ සඳහන් කළා.
ආපාදාකාරී තත්ත්වය හමුවේ වෙරළ ආසන්නයේ සිටින පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content