ලේකම් ධුරයේ ගැටලු පවතින දේශපාලන පක්ෂ හයකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව අහිමි වී තිබෙනවා.

මේ අනුව, දේශපාලන පක්ෂ 77 කට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා තරග කළ හැකි දේශපාලන පක්ෂ සහ ඒ සඳහා වෙන් කර ඇති සළකුණු  මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, එක්සත් ලංකා පොදු ජන පක්ෂය, ලංකා ජනතා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ සහ ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන පක්ෂවලට මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content