ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ පක්ෂ සමාජිකත්වය ලබා දීමට රුපියල් කෝටි 03ක අල්ලස් ලබා ගත් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජගිරිය ප්‍රදේශයේ දී කළ වැටලීමකදීයි.

කෝටි 03ක මුදල් ලබා ගන්නා අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළා.

අත්අඩංගුවට ගත් පිරිස අතරට එම පක්ෂයේ ලේකම්වරයා ද ඇතුළත්වනවා.
ජනක රත්නායක මහතා ඊයේ පෙරවරුවේ මෙම පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබුණා.

WhatsApp Group

Skip to content