ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 49 වැනි තරඟයෙන් කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 162ක් රැස් කළා.
එහිදී නායක රුතුරාජ් ගායික්වාඩ් පන්දු 48දී ලකුණු 62ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී රාහුල් චහාර් ලකුණු 16ට කඩුළු 2ක් බිඳ හෙලුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 163ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී ජොනි බෙයාස්ටොව් පන්දු 30දී ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content